නව සිසුන් ලියාපදිංචිය

SPEEDUP MATHSඑන්න අපි වේගයෙන් ගණන් හදමු.

Speeup Maths කියන්නේ සිසුන්ට ගණිතමය සංකල්ප ප්‍රගුණ කිරීමට උදව් කරන පරිගණක ක්‍රීඩාවක් ලෙස ඇති මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන කෙටි කාලීන ගණිත පාඨමාලාවක් ( online course එකක්).

SPEEDUP MATHS තෝරාගත යුත්තේ ඇයි?

මෙහිදී ඔබගේ දරුවාට සාම්ප්‍රදායික ක්‍රමවලින් ඔබ්බට ගිය විනෝදාත්මක ක්‍රියාකාරකම් සමග විශේෂ වාසි රැසක් හිමි වේ. මෙමගින් ඔබේ දරුවා ගණිතයෙහි අති දක්ෂයෙක් බවට පත් වන අතර ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ වැනි ජාතික විභාග මෙන්ම පාසල් වාර විභාග වලදීද දරුවාව ඉහළම ලකුණු කරා රැගෙන යයි.
...

කාලානුරූප පුහුණු සැසි සිය ගණනක්

...

පලපුරුදු දක්ෂ ගුරුවරුන්ගේ මග පෙන්වීම

...

සුළු කිරීමේ කෙටි ක්‍රම

...

දරුවාට තනි තනි වශයෙන් අවධානය (individual)

...

නිරන්තර ප්‍රතිඵල විශ්ලේෂණය

අපගේමෙහෙවර

පලපුරුදු කාර්ය මණ්ඩලයක අධීක්ෂණය යටතේ විනෝදාත්මක ක්‍රියාකාරකම් තුළින් දරුවා ගණිතයෙහි අති දක්ෂයෙක් බවට පත් කරමින් ජාතික විභාග සහ පාසල් වාර විභාගවලින් උපරිම ලකුණු මට්ටමක් කරා දරුවාව රැගෙන යාම.

අපකණ්ඩායම

වෛද්‍ය සවින්දි තිසේරා

පේරාදෙණි වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිධාරිණියකි.

ගාමිණී තිසේරා

දැයේ දූ දරුවන් දහස් ගණනකට වසර 35කට වැඩි කාලයක සිට ගණිත විෂය උගන්වා ගණිතයෙහි අති දක්ෂයින් බිහි කිරීමට දායක වූ ප්‍රවීණ ආචාර්යවරයෙකි

පාඨමාලාව පිළිබඳ විස්තර මෙය මාස 3 - 6 ක් අතර කාලයක් ගතවන කෙටි කාලීන පාඨමාලාවකි.

මෙහිදී දරුවා පාසලේ ඉගෙනුම ලබන ශ්‍රේණිය අනුව පාඨමාලාව අදියර ( LEVELs) කීපයකට වෙන්කර ඇති අතරින් ඔබගේ දරුවාගේ වයස් කාණ්ඩයට අදාළ අදියරය( LEVEL) ඔබට තෝරාගත හැක.

සෑම අදියරයකම ගණිත පෙරහුරු අභ්‍යාස රාශියක් මාර්ගගත ක්‍රමය(online) ඔස්සේ දරුවාට කිරීමට සලස්වා එක් එක් අභ්‍යාසයට ගතවන කාලය සහ ලබාගන්නා ලකුණු ප්‍රමාණය දරුවාගේ ප්‍රගති වාර්තාවේ( result sheet) එම අවස්ථාවේදීම සටහන් කරයි.සෑම මසකම අවසානයේ ඔබේ දරුවාගේ ප්‍රගති වාර්තාවේ පිටපතක් ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයට( E-mail) ලැබෙනු ඇත.

පාඨමාලා කාලය අතරතුර දරුවා වඩා දුර්වල පාඩම් කොටස් වෙනම හඳුනාගෙන එම කොටස පෞද්ගලිකව ගුරුවරයා විසින් උගන්වනු ලබයි.මෙම ක්‍රියා පටිපාටිය අවසානයේ ඔබගේ දරුවා ගණිතයෙහි අති දක්ෂයකු වනු ඇත.

නිතර අසන ප්‍රශ්න

1. පාඨමාලාවට සම්බන්ධ වන්නේ කෙසේද?
  • පළමුව දුරකථන මාර්ගයෙන්/ whatsapp හෝ ඊමේල් (E-mail) මාර්ගයෙන් අප කාර්ය මණ්ඩලය අමතන්න.
  • එහිදී අපගේ කාර්ය මණ්ඩලය විසින් ඔබගේ දරුවාට සුදුසු අදියරය( LEVEL) සහ පාඨමාලාව හැදෑරීම සඳහා ඔබට පහසු වෙලාවල් සහ ගාස්තු පිළිබඳ තොරතුරු ලබා දෙනු ඇත.
  • කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව පළමුව ඔබගේ දරුවාව SPEEDUP MATHS website එකේ ලියාපදිංචි කරන්න ( register ).
  • එවිට ඔබට user name එකක් සහ password එකක් කාර්ය මණ්ඩලය විසින් ලබාදෙනු ඇත.
  • අනතුරුව එම user name සහ password එක භාවිතා කර ඔබගේ දරුවාගේ ගිණුමට ඇතුළත් විය හැකි අතර එතැන් සිට දරුවාට පාඨමාලාව ආරම්භ කළ හැක.

මෙය සතියකට විනාඩි 45 - පැය 1ක් පමණ වන පුහුණු සැසි 1කින් හෝ 2කින් සමන්විත වේ. එක් අදියරයක් ( Level) නිම කිරීමට මාස තුනක් හයක් අතර කාලයක් ගතවෙයි.

පාඨමාලා ගාස්තුව එක් එක් අදියරය (level) අනුව වෙනස් වේ. ඔබගේ දරුවාගේ පාඨමාලා අදියරයට (level) අදාල ගාස්තුව කාර්ය මණ්ඩලය විසින් දැනුම්දෙනු ඇත. මෙම ගාස්තුව කොටස් වශයෙන් පාඨමාලාව හදාරන කාලය ඇතුළත ගෙවා නිම කළ හැක.

මෙය නිවසේ සිටම හැදෑරිය හැකි අතර ඔබට ඉන්ටර්නෙට් පහසුකම් (internet) සමග ස්මාර්ට් ෆෝන් (smart phone )/ ලැප්ටොප්( laptop )/ ටැබ්ලට් (tab )/ කොම්පියුටර් ( computer ) යන ඕනෑම උපකරණයක් මේ සඳහා භාවිතා කළ හැක.

නමුත් මෙම පහසුකම් ඔබට නොමැති නම් හෝ ඔබ වඩාත් කැමති සජීවී පන්තියට සහභාගි වීමට නම් අපගේ යක්කල නගරයේ පිහිටි SPEEDUP MATHS පරිගණක විද්‍යාගාරය ( computer lab ) හරහාද මෙම පාඨමාලාව සම්පූර්ණ කළ හැක.මේ සඳහා අප කාර්ය මණ්ඩලය අමතා වැඩිදුර විස්තර ලබාගන්න.

Speedup Maths හපන්නු

නෙතුක ආකාශ්
ශිෂ්‍යත්ව විභාග (2020) ලකුණු - 180
.
.

මම speedupmaths පන්තියට ආවෙ 3 වසරේ ඉදල. මං ගණන් හදන්න ගොඩක් ආස වුණේ මේ පන්තිය නිසයි. ඒ නිසා ඉස්කෝලේ ගණිතයට පන්තියේ වැඩිම ලකුණු ගන්න මට පුළුවන් වුණා. 5 ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වෙන්නත් මට මේ පන්තිය ගොඩක් උදව් වුණා.

චනුදි වීරසේකර
2022 ශිෂ්‍යත්ව විභාගය - 191
ගම්පහ කොට්ඨාසය - 1 ස්ථානය
ගම්පහ කලාපය - 2 ස්ථානය

මම මුල ඉදලම මේ පන්තියට සහභාගි වුණා. ඒ නිසා මගේ පාසලේ පන්තියේ අනික් යාළුවන්ට වඩා ඉක්මන්ට මං ගණිතය ඉගෙන ගත්තා. පන්තියේ වැඩිම ලකුණු වගේම ශිෂ්‍යත්ව විභාගයටත් ඉහළම ලකුණක් ලබාගන්න මේ පන්තිය ගොඩක් උදව් වුණා.

විමසීම්

විද්‍යුත් තැපැල් ලිපිනය ( E-mail )
mathsspeedup@gmail.com
දුරකථන අංකය
076-239 8299
Whatsapp අංකය
076-239 8299